ඉන්දීයාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් සහ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. 

ඒ, සිඩ්නිහිදීයි. 

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. 

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 02ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු  සංඛ්‍යාව 42ක්. 

යශස්වි ජයිස්වාල් ලකුණු 10කට දැවී ගියා. 

කේ එල් රාහුල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 04ක් පමණයි. 

මිචෙල් ස්ට්‍රක් සහ ස්කොට් බෝලන්ඩ් එම කඩුලු දෙක දවා ගත්තා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form