නව වෛරසයක් ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් දැනුම්දීමක්

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ, චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි.

වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ,අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත්ය.

විදෙස් මාධ්‍ය පවසන්නේ, කොවිඩ් -19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බවයි.

විදෙස් වාර්තා පෙනවා දෙන්නේ, Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් -19 රෝගීන්ද ඒ අතර සිටින බවයි.

එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ. වෛරස තත්ත්වය චීනය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form