රට පාලනය කරගන්න බැරිව ‘ක්ලින් ශ්‍රී ලංකා’ කියා එකක් බොරුවට ගෙනැල්ලා..

සහල් ගැටළුව යට ගැසිම සදහා ක්ලිනින් ශ්‍රි ලංකා නමින් ජනාධිපතිවරයා රටපුරා වැඩසටහනක් දියත් කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

මෛත්‍රි ගුණරත්න මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ ක්ලිනින් ශ්‍රි ලංකා වැනි වැඩසටහනක් සිදු කරනවා නම් එය ආණ්ඩුකාරවරුන් ලවා සිදු කිරිමට හැකියාව ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් පත් කර ඇති ආණ්ඩුකාරවරුන් වැඩ නොකරන තත්ත්වයකට පත් වි ඇති බවත්, තමන් මධ්‍යම සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව සිටි අවස්තාවේ එවැනි වැඩසටහන් සිදු කල බවයි මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.

විසුරුවා ඇති පළාත් පාලන ආයතනවලට නිලධාරින් පත් කර ක්ලිනින් ශ්‍රි ලංකා වැඩසටහන දියත් කල හැකි බවත්, රට පාලනය කිරිමට නොහැකිව ක්ලිනින් ශ්‍රි ලංකා නමින් වැඩසටහනක් දියත් කර රටේ ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.

අපෙක්ෂා රෝහලට පහසුකම් සැපයිමට කතරගම දේවාලයේ සභාපතිවරයා කටයුතු කර ඇති බවත්, එවැනි ආධාර මින් ඉදිරියට අවශ්‍ය නොවන බවට සෞඛ්‍ය ඇමතිවරයා විසින් ප්‍රකාශ කිරිමට විමතියට කරුණක් බවයි මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form