ගාසාවට එල්ලවූ ප්‍රහාරවලින්, පුද්ගලයින් 70ක් මරුට

සටන් විරාම සාකච්ඡා අතරතුර ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 70 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ දරුවන් බවයි.

ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ, ගාසා තීරයේ සටන් විරාමයක් හා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධ සාකච්ඡා සිකුරාදා ආරම්භ වූ බවයි.

මේ අතර හැකි ඉක්මනින් සටන් විරාම ගිවිසුමක් ගාසා තීරයට අවශ්‍ය බව හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බාසම් නයිම් ප්‍රකාශ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form