අපි ආර්ථිකය හදාගෙන එන්නේ.. කොටස් වෙලදපල උඩටම ගිහින්.. රනිල්ටත් එහෙම කරන්න බැරිවුනා..

ඉතිහාසය කිසිම දිනක නොතිබූ මට්ටමට කොළඹ කොටස් වෙළඳපොල අද ඇවිත් තිබෙන බව වරයා, ගුවන් සේවා ප‍්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පුවත්පතක් වෙත අදහස් පලකරමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

“අපි ආර්ථිකය ක්‍රමානුකූලව කළමනාකරණය කරගෙන යනව. ඉතිහාසයේ කිසිම දිනයක නොතිබුනු මට්ටමට කොටස් වෙළෙඳ පොළ අද ඇවිල්ල මහා ආර්ථික ඔස්තාද් කියල පම්පෝරි ගහන රනිල්ගේ කාලෙ එහෙම වුණෙ නෑ.

මිනිස්සු අපේ ආණ්ඩුවෙන් ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙන්නෙ නැ.මොකද ඒ අය මෙච්චර කාලයක් මහින්දලගෙ රනිල්ලගෙ ආණ්ඩු වලින් පාලනය වෙලා පතුලටම වැටිල හිටපු අය. ඒක තමයි ජනතාව අපි ඉල්ලුවටත් වඩා වැඩි ජනවරමක් අපට දුන්නෙ.

මේක ජනතාව හදාගත්ත ආණ්ඩුව. ඉතිං ඒකට මිනිස්සු අකුල් හෙළන්නෙ නෑ. අපේ ආණ්ඩුව වැටෙනකම් බලාගෙන ඉන්නෙ පරාදවෙලා යන එනමං නැති දේශපාලන අනාථයො ටිකක් සහ ඒකට ආවඩන සමහර මාධ්‍ය එහෙම විතරයි. ඒවට බෑ අපේ ගමන නවත්වන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form