ගමකට විදුලිය දෙන ව්‍යාපෘතියට බදුලු දේශපාලකයෙක් විරුද්ද වේ..

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් මායිමේ පිහිටි උෟව පළාතේ විදුලිය නොමැති අවසාන ගම්මාන තුනෙන් දෙකක ක්‍රියාත්මක වන. රු. කෝටි 12ක වියදමින් වැඩ නිම කරමින් ඇති විදුලි පද්ධතිය වහා ගලවා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස එම දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

විදුලිය නොමැති ගම්මාන සඳහා විදුලිය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා 2023 මුදල් අනුමත කර 2024දී රු. කෝටි 12ක වියදමින් විදුලිබල මණ්ඩලය ඉදිකිරීම් ආරම්භ කළේය. මේ වන විට එහි ඉදිකිරීම් 90%ක් අවසන් කර ඇත. විදුලි රැහැන් ඇද විදුලිය ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කිරීමට සූදානම් වන විට එහි කටයුතු නවතා දමන ලෙස දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇති බව සඳහන් වේ.

උමා ඔය විදුලි බලාගාරයේ සිට කි.මී. 5ක් දුරින් පිහිටි අලුත්වෙල නම් මෙම ගම්මානයන්ට විදුලිය ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව වසර 14 ක් පුරා ප්‍රකාශ කර තිබිණි.

දශක ගණනාවක් මුළුල්ලේ මේ ගම්මානයට විදුලිය, යටිතල පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලා තිබියදී අපේ රටේ පූර්වගාමී ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් දෙදෙනාගේ මැදිහත්වීමෙන් එම ගම්මානයට පැවැති ගැටලු රාශියක් නිරාකරණය කරන ලද අතර රුපියල් මිලියන 90කට වැඩි සංඛ්‍යාවක් වැය කරමින් විදුලිබල මණ්ඩලය විසින් සම්බන්ධතා 180කට ආසන්න ප්‍රමාණයක් සහිතව තෙකලා විදුලි පහසුකම් ලබාදීමටද කටයුතු කරන ලදී.

මේ වන විටත් රු. කෝටි 9.5ක් වැය කර90%කට වඩා වැඩ අවසන් කර ඇති විදුලි ව්‍යාපෘතිය උමාඔය විරෝධය හේතුවෙන් නවතා දැමීම අපරාධයක් බව ජනතාව පවසති.

– Mawbima

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form