සමන් දේවාලයෙන් රජය කැළඹෙයි.. හදිසි මාධ්‍ය හමුවක්.. නිලධාරීන් පමණයි..

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් හෙට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැදවා ඇත.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා මේ සදහා සහභාගී වීමට නියමිතව ඇත.

රත්නපුර මහ සමන්දේවාලයේ ඇතුල් කට්ටුවේ නිල රාජකාරී මඩුල්ල අද දිනයේ සිට රාජකාරියෙන් ඉවත්ව සිටීමට තිරණය කර තිබේ.

හිටපු බස්නායක නිලමේගේ ධූර කාලය අවසන් වූ පසු වර්තමාන වැඩ බලන බස්නායක නිලමේවරයා පත්කර ඇත්තේ සම්ප්‍රදාය කඩකරමින් හා අනීතිකව බව පවසමින් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව වහාම එම ධුරයෙන් ඔහු ඉවත් වනතුරු ඇතුල් කට්ටුවේ රාජකාරි මඩුල්ල අද (05) සිට රාජකාරීවලින් ඉවත්වන බව සදහන් කරති.

මෙම පත් කිරීමට විරෝධය පල කරමින් සමන් දේවාලය ඉදිරියේ විරෝධතාවක් පැවති අතර ඔවුන් පැවසුවේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form