රක්ෂිතයේ කුඩාරම් ගැසු පිරිසක් අත්අඩංගුවට..

මස්කෙලිය ගවරවිල සමනල ස්භාව රක්ෂිතයට ඇතුල් වි අනවසරෙන් තාවකාලික කුඩාරම් ගැසු අට දෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්භාව රක්ෂිතය තුල පිරිසක් ඇතුල් වි කුඩාරම් ගසා ඇති බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අවු 25-30 අතර කාන්තාවන් දෙදෙනෙකු සහ 25-50 වයසේ පසුවන පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ එකතු වි දිවයිනේ විවිධ ප්‍රදේශවල පැමිණි අය බවත්, සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වැටලිම සිදු කල වනජිවි නිලධාරින් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form