ළමයින් නොයොදා දැන්වීම් හදන්න බෑ..- සමාගම් කියති

ඇසුරුම් කිරීමේ නව රෙගුලාසිවලට අනුව, නිෂ්පාදන සමාගම්වලට වයස අවුරුදු 12 ට අඩු ළමයින් සිය නිෂ්පාදන ප්‍රචාරය සඳහා යොදා ගැනීම කළ නොහැකි බවත්, එය ගැටලු සහගත තත්වයක් බවත් නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ක්‍රීඩා උළෙලවලදී, ආගමික ස්ථාන වලදී, පොළවල්වලදී සහ ඇතැම් විට රෝහල් වලදී සිය නිෂ්පාදන ප්‍රවර්ධන කිරීම සඳහා නොමිලේ බෙදා දීම සිදුකරන බවත් නව රෙගුලාසිවලට අනුව එලෙස නිෂ්පාදන බෙදාදීමට ප්‍රථමයෙන් දරුවන්ගේ උප්පැන්න සහතික පරීක්ෂා කිරීමට සමාගම් වලට සිදුවනු ඇති බව ආහාර නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.

කොරෝනා සමයේදී, සෞඛ්‍ය අමාත්‍යාංශය, රෝහල්ගතව සිටි දරුවන්ට විස්කෝතු පරිත්‍යාග කරන්නැයි ආහාර නිෂ්පාදන සමාගම් වලින් ඉල්ලා සිටි බවත් ඒ රෝහල් වලින් ලබාදුන් ආහාර දිවට රස නොවුණු බැවින් නිසා බවත් ආහාර නිෂ්පාදන සමාගම් පැවැසුවේය.

ආහාර නිෂ්පාදන සමාගම් එදා රජයේ ඉල්ලීමට කන් දී, නොමසුරු ලෙස පරිත්‍යාග සිදු කළ බව ද එම සමාගම් ප්‍රකාශ කළේය.

දරුවන්ට අමතරව, ගැබිනි මවුවරුන්ගේ සහ කිරිදෙන මවුවරුන්ගේ ඡායාරූපද ආහාර ඇසුරුම්වල පෙනෙන්න සැලැස්වීමද නව රෙගුලාසි යටතේ තහනම් කර ඇතැයි ද ආහාර නිෂ්පාදන සමාගම් පැවැසුවේය.

එසේ වුවත්, මෙම තහංචිය, පෞද්ගලික සත්කාර නිෂ්පාදන ඇතුළුව වෙනත් නිෂ්පාදන වලට නොමැති බවද ආහාර නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form