බදු වැඩි කලොත් වාහන මිල වැඩි වෙනවා..- ආනයනකරුවන්

වාහන ආනයනයේදී දැනට පවතින බදු සීමාවන් වෙනසකට ලක් කළහොත් වෙළඳපොලේ වාහන අලෙවි වන මිලද වෙනස් වනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

වාහන යළි ගෙන්වීමේ ආරම්භ කිරීමෙන් පසු අලෙවි කළ හැකි ඇස්තමේන්තු මිල ගණන් දක්වා ඇත්තේ පවතින බදු අනුපාතයන් යටතේ බවද ඔවුන් කියා සිටිති.

නමුත් රජය විසින් බදු අනුපාත ඉහළ දැමුවහොත් වාහන මිලද ඉහළ යනු ඇති බවත් ඒවා පහළ දැමුවහොත් වාහන මිලද පහළ යනු ඇති බවත් ඔවුන් පවසති.

දැනට මෙරට වෙළඳපොළේ ජපාන මෝටර් රථයක් සදහා නිෂ්පාදිත මිල මෙන් ආසන්න වශයෙන් 300%ක පමණක් බදු ප්‍රමාණයක් එක්වන බවත් ඔවුන් කියා සිටිති.

කෙසේ වෙතත් රට තුළ පවතින භාවිතා කරන ලද වාහන මිල ගණන් ඉතා ඉහල ගොස් ඇත්තේ වාහන ආනයනය සීමා කිරීම නිසා සැපයුම අඩුවීමෙන් බවත් වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග ඒවා සාමාන්‍ය මට්ටමට පැමිණෙනු ඇති බවත් ඔවුන් විශ්වාසය පළ කරයි.

නමුත් විනිමය අනුපාතයන් ඉහල යාම මත වාහන වල මිල ගණන් 2022 ට කලින් පැවති තත්ත්වයට නොපැමිණෙනු ඇති බවද ඔවුන් කියති.

වාහන ආනයනය කිරීම ආරම්භ කරන්නේ පැවැති බදු අනුපාත යටතේමද නැතිනම් වෙනත් බදු අනුපාත ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේදැයි මුදල් අමාත්‍යංශයෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් නැති බව ආනයනකරුවන් තවදුරටත් කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form