ඔලිම්පික් පදක්කම්වල මල බැඳිලා

ග්‍රීසියේ ඇතන්ස් හිදී අත්පොත් තැබූ ලොව පුරා මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයේ හිනිපෙත්ත වෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.

පසුගිය, 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවැත්වුණේ පැරිස් නුවරදීයි.

නමුත් මෙම පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පිරිනැමුණු පදක්කම්වල පැවැත්ම ගැන මේ වනවිට සමාජ කතිකාවතක් මතුවෙලා තියෙනවා

විශේෂයෙන්ම මේ පදක්කම් අවපැහැ වීම, කැළැල් ඇතිවීම , දිරාපත් වීමට පටන් ගැනීම යනාදී ලක්ෂණ පෙන්නුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රංශයේ සුඛෝපභෝගී ස්වර්ණාභරණ සාදන්නෙක් වන Chaumet විසින් මේ පදක්කම් නිර්මාණය කර තිබෙනවා

මේ අතර, අයිෆල් කුළු‌ණෙන් ලබා ගත් යකඩ කැබැල්ලක් ද මේ පදක්කම්වලට ඇතුළත් කර තිබෙනවා.

ඒ සත්කාරක පැරිස් නගරයට කරන ආචාරයක් වශයෙන්.

ක්‍රීඩා උළෙලේ මීටර් 4×100 මිශ්‍ර සහය ඉසව්වෙන් ජයග්‍රහණය කළ ප්‍රංශ පිහිනුම් ක්‍රීඩක ක්ලෙමන්ට් සෙචි සහ යොහාන් එන්ඩෝයි-බ්‍රෝවාඩ් මෙම පදක්කම් ගැටලුව ගැන සඳහන් කර තිබෙනවා  

Secchi තමාට හිමි වූ  පදක්කමේ පෙනුම විස්තර කළේ එය “කිඹුලෙකුගේ සම” ට සමාන බව පවසමින්.

එක්සත් ජනපද ක්‍රීඩිකාවක් වන නයිජා හස්ටන් සහ බ්‍රසීලියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා රෙබෙකා ඇන්ඩ්‍රේඩ් ද මේ පදක්කම් ගැන සිය අතෘප්තිය ප්‍රකාශ කර ඇත්තේ , ක්‍රීඩා උළෙලෙන් මාස කිහිපයකට පසු සිය පදක්කම් අවපැහැ ගැන්වෙන බව අවධාරණය කරමින්  

කෙසේ නමුත් මේ පදක්කම් වෙනුවට වෙනත් පදක්කම් ලබා දෙන බවට පැරිස් ඔලිම්පික් සංවිධායකයින් පොරොන්දු වී ඇති බව  
විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form