වාහනය අලුත් කරන්න දෙන්නේ අත්‍යවශ නම් පමණක් වැඩි මුදලක් ගෙවලා..- මහ බැංකු අධිපති

වාහන ආනයනය සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අදහස් පළ කරයි.

දෙරණ නාලිකාවේ පැවැති 360 වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

“අපි විශ්ලේෂණයක් කරලා තිබුණා 2024 මැයි ජුනි මාසයේ ඉඳලා. ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබුණා. වාහන අවුරුදු 05ක් තිස්සේ අපි අලුතින් ගෙන්න ඉඩදීලා නැහැ. ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය යහපත් අතට පත්වෙන්න යනකොට රටට අලුතින් වාහන අවශ්‍යයි. මගේ නිර්දේශය තමයි තියෙන වාහන වෙළෙඳපොළේ වටිනාකම ඒ මට්ටමේ තියාගනිමින් වාහනය අලුත් කරන්න ඕනේ නම් අලුත්කරන කෙනා යම් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත්කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ.”

මීට කලින් තිබුණ විනිමය අනුපාතයයි දැන් තියෙන විනිමය අනුපාතයයි ගත්විට විනිමය අනුපාත සෑහෙන දුරට වෙනස්වීමක් වෙලා තියෙනවා. ඊට අමතරව වැට් එක 18%ක් අලුතින් එකතුවෙලා තියෙනවා. එතකොට ඒ දෙක එකතු වුණාම වෙළෙඳපොළේ අවුරුදු පහක් පරණ වාහනයක් මිලියන 05ක් නම් අලුත් වාහනයක් ගෙන්න ඉඩදුන්නොත් සියලුම පරණ වාහනවල වටිනාකම නැතිවෙලා ගිහිල්ලා අන්තිමට අනවශ්‍ය විදිහට අලුතින් වාහන විශාල ප්‍රමාණයක් මේ රටට ගාල එන්න පටන් ගන්නවා. එහෙම නොවෙන්න මේක බැලන්ස් කරගෙන කරන්න ඕනේ. අත්‍යවශ නම් පමණක් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත් කරන්න අවශ්‍යතාවය තියෙන්න ඕනේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form