රෝගින්යා සරණාගතයන් පිටුවහල් කරන්න එපා.. රදවාගෙන ගෞරවයෙන් සලකන්න..- බදියුදීන්

මුලතිවු වෙරළ තීරයට පැමිණ සිටියදී ශ්‍රී ලංකා භාරයට ගෙන තිබෙන රෝගින්යා සරණාගතයෙන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එමඟින් ඔහු පවසන්නේ දැනට මෙරට රැකවරණ යටතේ සිටින එම සරණාගතයන් යළි පිටුවහල් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි.

මෙවන් තත්ත්වයකදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානුෂීය ප්‍රතිපත්ති පිළිපැදිය යුතු බවත් මෙම පිරිස් තම මව්බිමේ පීඩනයන්ට ලක්ව පලා ගිය පිරිස් බවත් තම දැඩි විශ්වාසය බවත් හෙතෙම පෙන්වයි.

ඒ අනුව ඔවුන් අවදානමට ලක්ව සිටින කාලය තුළ ඔවුන්ට ආරක්ෂාව සැපයීම මානව හිමිකම් අගය කරන ජාතියක් ලෙස අප සතු වගකීමක් බවත් ඔහු එමඟින් පෙන්වා දෙයි.

මෙම සරණාගතින් මෙරට රැඳී සිටින කාලය තුළ ගෞරවයෙන් හා අභිමානයෙන් සලකන ලෙස තමන් කාරැණිකව ඉල්ලා සිටින බවද හෙතෙම තව දුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form