ඤාණසාර හිමිට සිර දඬුවම් නියම කෙරේ.. අද සිට වැලිකඩ ජම්පර්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කරන ලද්දේ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවකට උන්වහන්සේ වරදකරු කරමිනි.

මීට අමතරව රුපියල් 1500ක දඩ මුදලක්ද නියම කර තිබේ.

2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළුපන ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉස්ලාම් දහමට අපහාස කරන ලද බවත් එමගින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන්නේ යයි චෝදනා කරමින් පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form