දිලිත්ගේ කතාවෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇවිළෙයි

ජාතික ජන බලවේග ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැති බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට අද වන විට හැකියාව ලැබී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා කියමින් තී‍්‍රවිල් වල කෑලි ගැලවීමට පමණක් බවද ඔහු කියා සිටී.

ආණ්ඩුවට හැකියාව ලැබී ඇත්තේ ජනතා සිහින මරා දැමීමට පමණක් බවත් සිහිනවලට පණ දීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

ආදායම් වියදම් වාර්තාවක් ඇසින් දැක හෝ ඇත්තේ නම් පසුගිය මැතිවරණවලදී පොරොන්දුව කිසිවක් ඉටු කිරීමට නොහැකි බවද පැවසූ ඔහු ඒවා ඉටුකරන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ වනතෙක් ඉදිරිපත් කර නැති බවද සඳහන් කළේය.

මෝඩ ගොබ්බ වැඩ නොකර ජනතාවට පොරොන්දු වූ දේ වල් කරන ලෙසත් ඒවා කරන ආකාරය හෙළි කරන ලෙසත් එසේ නොහැකිනම් ප්‍රසිද්ධියේ ජනතාවට ඒ පිළිබඳව කණගාටුව පල කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වූ අතර ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධතාවයන් එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form