අහුන්ගල්ලේ වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් සොයාගනී

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබේ.

අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක සඟවා තිබියදී මෙම යතුරුපැදිය සොයාගෙන ඇත.

ඊයේ උදෑසන 6:15ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

තුවාල ලැබු පුද්ගලයා “ලොකු පැටී” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බවද වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form