කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ වසරේ ජූලි මාසයේදී එහි ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉන්දියාවේ අදානි සමාගම විසින් සංවර්ධනය කෙරෙන බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන මාසයේදී අවසන් කිරීමට හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ මෙම පර්යන්ත දෙකේ ඉදිකිරිම් අවසන් වීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 08 සිට 13 දක්වා ඉහළ යන බවයි.

මෙය මෙරට සංවර්ධන ක්‍රියාවලියට හා ජාත්‍යන්තර වෙළඳාමට දැඩි පිටිවහලක් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form