කොච්චිකඩේ වළකට වැටී අයෙක් මරුට

මීගමුව, කොච්චිකඩේ පොලිස් වසමේ පාවුළුක් සිල්වා මාවතට හැරෙන හන්දිය ආසන්නයේ ඇති වතුර වළකට ඇදවැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

කොච්චිකඩේ පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුර ඊයේ (09) සිදුවී ඇති බවය.

මරණකරු වයස අවුරුදු 53 ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.  

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form