මුලතිව් මුහුදු තීරයෙන් ලක්ෂ 75ක මඩුවන් අසුවෙයි

මුලතිව් තිරුක්කායි මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ දැලකට එකවර මඩු වර්ගයේ මසුන් රෑනක් කොටුවී කිලෝ 8000 කට අධික ප්‍රමණයක් හසුවී ඇති බවට මුලතිව් ධීවරයින් පවසති.

එසේ හසු වූ මඩු මාලු රුපියල් ලක්ෂ 75 කට අධික වටිනාකමින් යුතු බවටත් පසුව මසුන් තොගය රුපියල් ලක්ෂ 60 කට වෙන්දේසි කිරීමට පියවර ගත් බවටද මුලතිව් ධීවරයින් පැවසීය.

අදාල ධීවරයාගේ දැලට මඩු මසුන් විශාල ප්‍රමණයක් හසු වීමත් සමග දැල ගොඩට රැගෙන ඒමට අසීරු වීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසක සහය වී ට්‍රැක්ටර් 4 ක් රැගෙනවිත් දැල ගොඩට ගැනීමට පියවර ගෙන තිබුණි.

ගොඩට ගත් දැලෙහි සිටි මඩු මසුන් තොගය එකවර වෙන්දේසි කිරීමට අදාල ධීවරයා පියවර ගත් අතර දකුණේ සිට මුලතිව් ගිය ව්‍යාපාරිකයින් පස් දෙනෙකු විසින් අදාල මඩු මසුන් තොගය රුපියල් ලක්ෂ 60 කට අධික මුදලකට මිලට ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form