කැකුළු සහල් නෑ.. වතුකරයේ තෛපාංගල් චාරිත‍්‍ර නෑ..

ඉතිහාසයේ පළමුවරට මේ මස (14) දිනට යෙදෙන තෛපොංගල් දිනයේදි වතුකරයේ ජනතාව සුර්ය රාජයාට කිරිබත් පිලියෙල කර පුජා කිරිමෙන් වැලකි සිටිමට තිරණය කර ඇති බව හැටන් කොටගල වෙළද සංගමයේ ලේකම් පුෂ්පා විශ්වනාත් මහතා පැවසිය.

(10) දින කොටගල නගරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පුෂ්පා විශ්වනාත් මහතා කියා සිටියේ හින්දු ජනතාවගේ විශේෂ ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවයේදි හිරු උදාවට ප්‍රථම අලුතින් නිවස ඉදිරිපිට ලිප් බැද නැවුම් මුට්ටි වල රතු සහලට ධාන්‍ය වර්ග කිහිපයක් සහ හකුරු මිශ්‍ර කර විශේෂ කිරිබතක් සකස් කර සුදු සහල් වලින් තවත් කිරිබතක් පිළියෙල කර සුර්ය රාජයාට පුජා කරන බවයි.

හින්දු ජනතාව නව වසරක උදාව තෛපොංගල් දිනයෙන් ආරම්භ වන බවට විශ්වාස කරන බවත්, මුළු වසරම ගොවිතැනෙන් සහ තමන් සිදු කරන රැකියාවෙන් සෞභාග්‍ය උදා කර ගැනිමේ අරමුණින් නිවාස ඉදිරිපිට කිරිබත් පිළියෙල තෛපොංගල් දින උත්සවය සමරන බවයි පුෂ්පා විශ්වනාත් මහතා කියා සිටියේ.

වැඩි මිලට හෝ සුදු සහ රතු සහල් මිල දි ගැනිමට නොහැකි විම හමුවේ වතුකරයේ ජනතාව තෛපොංගල් දින උත්සවයේ ප්‍රධාන සංස්කෘතික අංගයක් වන ලිප් බැද කිරිබත් පිළියෙල කිරිම සිදු නොකිරිමට සිදු වි ඇති නිසා එය හින්දු ජනතාවට මෙන්ම රටට එතරම් සුභ දායක නොවන බවයි.

කහ ද සිංහල හින්දු සංස්කෘතියේ ආගමික කටයුතු වලට අත්‍යවශ්‍ය දෙයක් බවත්, මීට ප්‍රථම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටි කාලයේ රටේ කහ හිගයක් පැවතිම නිසා එවකට රටට අයහපතක් සිදු වු බවද පුෂ්පා විශ්වනාත් මහතා පැවසිය.

තවද තෛපොංගල් දිනයට පසු දින ගොවිතැනේදි සුර්ය රාජයා මෙන් විශාල දායකත්වයත් සපයන ගවයන්ට සහ එළුවන්ට උපහාර දක්වන බවත්, එම උපහාරයේදි එම සතුන් වෙනුවෙන්ද රතු සහ සුදු සහල් වලින් සතුන් ගාල් කර තිබෙන පට්ටි වල කිරිබත් පිළියෙල කර එම කිරිබත පළමුව එම සතුන්ට අනුභව කිරිමට ලබාදෙන බවයි.

රටේ රතු සහ සුදු සහල් නොමැති විම හමුවේ සතුන්ට උපහාර දැක්විමට නොහැකි විම හමුවේ 2025 වසරේ තෛපොංගල් දිනය සැමරිමට සුදානම් නොමැති බවයි.

තව දින තුනක කාලයක් පවතින බැවින් එම කාලය තුල වතුකරයේ ජනතාවට පාලන මිලට රතු සහ සුදු සහල් ලබාදිමට රජය කටයුතු කල යුතු බවයි වෙලද සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form