සියළුම මත්පැන් බදු ඉහල නංවයි.. අඩු මිල සෞඛ්‍යාරක්‍ෂිත අරක්කු ළගම එනවා..

අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ මත්පැන් වල බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සියයට හයක ප්‍රතිශතයකින් මෙම බදු අනුපාතයන් ඉහළ යයි.

මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කියා සිටියේ මත්පැන් භාවිතා කරන අය සඳහා සෞඛ්‍යාරක්ෂිත අඩු මිල මත්පැන් වර්ගයක් නුදුරේදීම හඳුන්වා දෙන බවයි.

සෙවනගල හා පැලවත්ත සීනි කර්මාන්තශාලා වලින් අතුරු නිෂ්පාදන යොදාගනිමින් මෙම නව අඩු මිල මත්පැන් වර්ගය නිෂ්පාදනය කරන බවද හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form