ගිනි අවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොවේ

ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොකරන බවයි.

ඒ අනුව දැනට පෞද්ගලික පරිහරණය සදහා පොලීසිය සහ යුධ හමුදාව මගින් බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිණි අවි ජනවාරි මස 20 වන දින වන විට ආරක්ෂක අමාත්‍යංශයට භාර දිය යුතු බව‍යි, අමාත්‍යංශය පැවසුවේ.

එලෙස ලබා නොදෙන ගිනිඅවි ලග තබා ගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී තිබූ කාලය දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් විය.

එහෙත් යුද්ධය පැවති කාලසීමාවේ දී පොලිසිය සහ යුධ හමුදාව මගින් ලබා දී තිබූ ගිනිඅවි යලි භාර දීමට තිබූ කාලය ජනවාරි 20 වන දින දක්වා දීර්ඝ කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form