බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා එළැඹෙන 14 වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත.

ජනවාරි මස 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මෙම විශේෂ අවස්ථාව හිමි වේ.

එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් තුළ සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form