බැතිමතුන් 3,500කට සත්කාරකත්වය දෙන හජ් ගිවිසුමට අත්සන් තැබේ

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුමට ඊයේ (11) සෞදි අරාබියේ ජෙඩාහි අත්සන් කළේය.

සෞදි අරාබියේ හජ් උපඅමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

එසේම දෙරට අතර හජ් වන්දනා සමය ආශ්‍රිත පහසුකම් මෙන්ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

මෙම අස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ෂෙයික් මුනීර් මුලෆ්ෆර්, රියාද්හි ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. නවාස් සහ ජෙඩාහි ශ්‍රී ලංකා වැඩබලන කොන්සල් ජනරාල් මහ්ෆූසා ලෆීර් ඇතුළු පිරිසක් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form