නව ආණ්ඩුව යටතේ බරපතල ඖෂධ ටෙන්ඩර් මගඩියක්.. SPC නිහඬයි..

අසාදු ලේඛනගත කළ බංගලදේශ සමාගමකින් විෂබීජ නාශක දියර වර්ගයක් මිලට ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුමැතිය ලබා දී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ චෝදනා කරයි.

රෝගීන්ගේ මුඛය පිරිසුදු කිරීම සඳහා භාවිතා කරන මෙම විෂබීජ නාශක බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් මිලට ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් 12 වනදා බව එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

“බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පසුගිය සති කිහිපය තුළ සිදුවෙලා තිබෙනවා. රෝගීන්ගේ මුඛ පිරිසිදු කිරීමට භාවිතකරන විෂබීජනාශක බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් මිලදී ගැනීමට පසුගිය වසරේ ජුනි මාසයේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවලා.

පසුගිය දෙසැම්බර් 12 වනදා මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් තීරණයක් ලබාදීලා. මිල අඩුම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කරලා. මේ ටෙන්ඩරය ප්‍රධානය කරන විට මේ සමාගමට අදාළ සමාගම ලංකාවේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් තවදුරටත් මූල්‍ය ගනුදෙනු නොකළ යුතු බවට තීරණය කළ සමාගමක්.

මේ සමාගම බංග්ලාදේශ සමාගමක් මෙම සමාගම මගින්  ශ්‍රී ලංකා රජයට රු. මිලියන 127ක අධිභාරයක් අයවිය යුතු සමාගමක්.”

රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල ප‍්‍රතිචාරයක් දක්වා නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form