මත්පැන්, දුම්වැටි ඉහල දැම්මේ පවුල් සතුටින් තියන්නයි.. ජනතා සෞඛ්‍ය ගැන හිතලයි..- මාලිමා මන්ත‍්‍රී

මත්පැන් හා දුම්වැටි වල බදු අනුපාතයන් ඉහළ දමන ලද්දේ මෙරට පවුල් කුටුම්බියන් සතුටෙන් තැබීම සඳහා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මත්පැන් හා දුම්මැටි බදු වැඩි කළා කියා කිසිදු පවුලක බිරිඳක් අකමැත්ත දක්වා නැති බවයි.

මත්පැන් හා දුමැවැටි භාවිතා කරන අය ද ඒ හරහා සොයන්නේ සතුටක් වින්දනයක් බවද පැවසූ ඔහු එම සතුට හා වින්දනය වෙනත් ආකාරයෙන් ලබා දෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියේය.

ක්ලීන් ශ්‍රී ලංකා යටතේද මෙරට ජනතාව සතුටින් තැබිය හැකි වැඩපිළිවෙලක් නිර්මාණය වනු ඇති බවත් පෙන්වා දෙයි.

මත්පැන් හා දුම්වැටි භාවිතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වයද පිරිහීමකට ලක්වෙන බවත් මෙම බදු වැඩි කිරීම හරහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවන වැඩපිළිවෙලක් නිර්මාණය වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form