දුම්රිය වර්ජන කැදවති…

දුම්රිය ස්ථානාධිපතිවරුන් 467ක පුරප්පාඩුව සහ වසර 12ක් තිස්සේ ලැබී නොමැති උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා නොදුනහොත් ලබන 23යින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 1372ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 905ක් පමණ බවද මීට පෙර පැවැත්වූ විභාගයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් 100ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇතත් එම බඳවා ගැනීම් නොව නව බඳවා ගැනීම් සිදුකිරීමට විභාගයක්වත් පවත්වා නැති බවද සෝමරත්න මහතා පැවැසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වසර පහෙන් පහට උසස්වීම් ලබාදිය යුතු වුවත් 2013 සිට මේ දක්වා එම උසස්වීම් ලබාදී නැතැයිද ඔහු කීය. පවතින ගැටලු සම්බන්ධයෙන් ඊයේ වන තෙක් ප්‍රවාහන ඇමැතිවරයා සාකච්ඡාවක් පවා ලබාදී නැතැයිද එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් 23 වැනිදායින් පසු ගන්නා ක්‍රියාමාර්ගය කුමන එකක්ද යන්න ඉදිරි දිනවල සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form