ඉන්ධන බද්ද වෙනස් නොකරයි, ජනපතිගෙන් ගැසට්ටුවක්.

මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ජනවාරි මස 01 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පනවන ලද බද්ද තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යන බව ගැසට් නිවේදනයේ සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form