මනූෂ CIDයට කැඳවයි – සහෝදරයා ඇපමත මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර ට ඇප හිමිව ඇත.

ඒ ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.


ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස ඇප මත මුදා හැර තිබේ.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.

මේ අතර හිටපු විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාරට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

ඒ ඔහු විදේශ රැකියා ඇමති ලෙස කටයුතු පසුගිය පාලන සමයේ විදේශ රැකියා ලබා දීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

කෙසේ වෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි සඳහන් කරම්න් හිටපු විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර කොළඹ මහේස්ත්‍රාත්ම අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form