තත්පර 40න් දුම්රිය ටිකට් සියල්ල ඉස්සිල්ල මාට්ටුයි.. දුම්රිය නිලධාරියෙක් දොට්ට..

දුම්රිය e ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මා කුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය ඔස්සේ අන්තර්ජාලයෙන් දුම්රිය e ටිකට්පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද e ප්‍රවේශපත්‍ තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.

මෙලෙස අන්තර්ජාලය ඔස්සේ රු. 2000කට ජාවාරම්කරුවන් ලබා ගන්නා e ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා රු. 17 000ක් වැනි අධික මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form