පාර්ලිමේන්තුව අද රැස්වෙයි – “ක්ලීන් ශ්‍රී ලංකා” විවා­දය අද සහ හෙට

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හන පිළි­බඳ පාර්ලි­මේන්තු විවා­දය  අද(21) සහ හෙට(22) පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත.

කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභා රැස්වී­මේදි මෙම තීර­ණය ගෙන ඇත. එමෙන්ම 21 වැනිදා සිට 24 දක්වා පාර්ලි­මේ­න්තුව රැස්වී­මට ද පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාවේ දී තීර­ණය කර ඇත. 21 වැනි අඟ­හ­රු­වාදා පෙර­වරු 9.30 – පෙර­වරු 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳ­හන් 1 සිට 6 දක්වා සඳ­හන් පාර්ලි­මේන්තු කට­යුතු සඳහා කාලය වෙන්කර ඇත. පෙර­වරු 10.00 – පෙර­වරු 11.00 කාලය වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙර­වරු 11.00 – පෙර­වරු 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

ඉන්ප­සුව පෙර­වරු 11.30 සිට පස්වරු 5.30 දක්වා රජය විසින් ගෙන­එන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හන පිළි­බඳ සභාව කල්තැ­බීමේ විවා­දය පැවැත්වේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන පිළි­බඳ සභාව කල්ත­බන අව­ස්ථාවේ විවා­දය 22දාත් පැවැත්වේ. 22 වැනිදා, ආන­යන හා අප­න­යන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගු­ලාසි, ක්‍රමෝ­පාය සංව­ර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේ­ද­නය, ආන­යන හා අප­න­යන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ­කළ රෙගු­ලාසි, වරාය සහ ගුවන් තොටු­පළ සංව­ර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝ­ගය විවා­ද­යට ගැනී­මට ද මෙහි දී තීර­ණය වී ඇත. එදින පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන යෝජ­නා­වට අනුව සභාව කල්තැ­බීමේ විවා­දය පැවැ­ත්වී­මට ද මෙහි දී එක­ඟ­ත්වය පළවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form