රනිල් දුන්න බාර් පර්මිට් නීත්‍යානුකූලයි… අහෝසි කරන්න බෑ.. කලොත් නීතිමය ගැටලු එනවා..- බිමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්, එමෙන්ම පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදු වන බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දිරන් කෝඩීස්වරන් මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් සභානායකවරයා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අලුතින් කිසිදු මත්පැන් බලපත්‍රයක් දීලා නෑ. මේ ලබා දී තිබෙන බලපත්‍ර බොහොමයක් මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සඳහා, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසාන මාස ගණනාව තුළදී දුන්න බලපත්‍ර තමයි වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ.

අපි ඒවා මෙතන හැන්සාඩ් ගත කරලා තියෙනවා. බලපත්‍රයක් නීත්‍යනුකූලව ලබා දුන්නට පස්සේ ඒක නීතිමය ලියවිල්ලක්. ඒක අපි දේශපාලන වශයෙන් අකමැති වුණාට ඒක අහෝසි කිරීම නීතිමය කටයුත්තක්. ඒ නිසා ආණ්ඩුවකට ගිහින් ඒක බලහත්කාරයෙන් වහන්න බෑ.

ඒත් ඒ වෙනුවෙන් කළ හැකි පරිපාලනමය පියවර තිබෙනවා. අපි රටක් වශයෙන් ක්ලීන් කරන්න හදන්නේ පරණ කුණු කන්දල් තමයි.

මේවා තමයි කරපු විනාශය. අපි ආණ්ඩුවක් වශයෙන් කිසිසේත්ම බලපත්‍ර ලබා දෙන්නේ නැති වුණාට අලුතින්, නීත්‍යනුකූලව දුන්න ඒවා නතර කරන්න ගියොත් නීතිමය ගැටලුවක් එනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form