ලබන වසර සඳහාත් ඖෂධ ඇණවුම් කරයි

වෛද්‍ය සැපයුම් අංශය මඟින් ජනවාරි 31 වැනිදා වන විට  ලබන වර්ෂය සඳහා අවශ්‍ය  ඖෂධ වර්ග 862ක් සහ ශල්‍ය උපකරණ 5000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඇණුවුම් කර ඇති බවත්, මෙලෙස ඇණවුම් කරන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා‍මේ බව පැවසුවේ ඊයේ පාර්ලමේන්තුවේ පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයීම් අංශය යන ආයතන සියල්ල මේ වන විට එක්ව කටයුතු කරනවා. ඖෂධ ලියාපදිංචිය සඳහා පැවැති ලිපිගොනු 2100ක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ තිබුණා. එය 447ක් දක්වා අඩු කර තිබෙනවා. ජනවාරි මාසයේ පමණක් ෆයිල් 330කට ලියාපදිංචිය දුන්නා. අප්‍රේල් මාසය වන විට සියලු ලිපිගොනු ලියාපදිංචි කිරීම් සිදු කරනවා. වෛද්‍ය සැපයීම් අංශය තුළ ගැටලුවක් තිබුණා. රෝහල්වලින් ඉල්ලන ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා ලබාදීමේදී කාලයක් ගත වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට මාස 9ක් පමණ ගත වෙනවා. එවැනි විටකදී 2026 ඇණවුම මේ වන විට කළ යුතුයි. අපේ ආණ්ඩුව යටතේ එය මේ වන විට සිදු කර තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form