පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.
ඊයේ (11) යාපනය ප්‍රදේශයේ හෝටලය දී මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
කෙසේවෙතත් මේ වන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.



