හෙට විදුලිය කැපෙයිද? තීරණය අද පස්වරුවේ

සැලසුම් කළ විදුලිය කප්පාදුවක් හෙට (13) දිනයේ සිදුවනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද (12) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ අධ්‍යනය කරමින් ඇති බවය.

මේ අතර අක්‍රිය වී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් තවදුරටත් යථා තත්ත්වයට පත් කර නැත.

එමගින් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 900කට ආසන්නයි.

මේ වනවිට ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවතින අතර පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම කළමනාකරණයට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.

මේ අතර, පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ විදුලිය බිද වැටීම සම්බන්යෙන් පූර්ණ වාර්තාවක් දෙන ලෙස මහජන උපයෝගීතා  කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව ලැබීමෙන් පසු එය අධ්‍යනය කර යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form