අළුයම ගිණිගත් පානදුරේ මාරක බස් රථ අනතුර

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පානදුර දකුණ පොලීසිය සඳහන් කර සිටියේ ඊයේ (14) රාත්‍රී 11ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී ඇති බවයි.

බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් බස් රථයට ද හානි සිදුව ඇති බව සඳහන්.

බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form