වී මෝල් ලියාපදිංචිය අනිවාර්යයි

කුඩා, මධ්‍යම මහා පරිමාණ සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය අයැදුම්පත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කර සිටියේ.

වී අලෙවි මණ්ඩල පනත අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඒ අනුව වී තොග රැස්කරන පිරිස සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් ඉදිරියේදී එළිදක්වන බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

ලියාපදිංචි නොවූ වී මෝල් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සභාපතිවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form