උඩු යටිකුරු වූ ගුවන්යානය

කැනඩාවේ ටොරොන්ටෝ හි පියර්සන් ගුවන්තොටුපළට පැමිණි ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී අනතුරට ලක්ව තිබෙනවා.

යානය කැනඩා වේලාවෙන් පස්වරු 2.45ට පමණ පියර්සන් ගුවන්තොටුපළට ගොඩබස්වන අස්ථාවේ දැඩි ශීත කාලගුණික තත්වයක් මෙන්ම හිම පතනයක් ද පැවති බව සඳහන්.

අමෙරිකාවේ මිනියාපොලිස් සිට ටොරොන්ටෝ දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයේ මගීන් සහ කාර්යය මණ්ඩලය 80ක් පියාසර කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි තත්වයක් හේතුවෙන් ගුවන්යානය Crash Landing කර ඇති අතර ඒ හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළුව 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බරපතල තුවාල ලැබූවන් අතර දරුවකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

අදාළ රෝගීන් රෝහල් වෙත යොමු කර ඇති අතර මේ වන විට Transportation Safety Board of Canada මෙම අනතුර සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form