GMOA දොස්තරලා හෙට ලෙඩ වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර ඇති අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් එළැඹෙන මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ නිලධාරීන්ගේ සංගමය ඊයේ දින තීරණය කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ, “2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි.ලෙඩ්ඩු ඇපේට තියා GMOA දොස්තරලා දීමනා ප්‍රශ්නෙකට මාර්තු 5දා වැඩවර්ජනය කරන්න තීරණය කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form