මර්වින් සිල්වා ගේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමේ හේතුවට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනූව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3කි.

බත්තරමුල්ලේ පිහිටි නිවසේදී ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මර්වින් සිල්වා මහතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කළේ ය.

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද(06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form