ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුව අද

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (07) කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබේ.

මීට අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇත.

ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී තිබේ.

බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී මතුවිය හැකි අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එම දැනුම්දීම සිදුකර තිබෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form