අඩුමිලට නව මත්පැන් බෝතලයක්?

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පැවසුවේ මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බවය.

එමගින් රජයට හිමිවන බදු ආදායම අහිමි වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා මෙහිදී සඳහන් කළේය.

“මම හිතනවා සභාපතිතුමා… දැන් යම් කිසි මිලකට දෙන්න පුළුවන් අඩුමිලට හොයන පාරිභෝගිකයා ගැලපෙන විදිහට ඒ මිලට අලුත් මත්පැන් එකක් හදන්න පුළුවන් වුණොත් අපිට බිලියන 50කින් විතර ආදායමකට යන්න පුළුවන්. ඒක මම දැන් මගේ නිලධාරී එක්ක සාකච්ඡාකරලා ඒකට අදාළ යෝජනාවක් ගෙන්නලා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා.”

එහිදී අදහස් දැක්වූ සුරාබදු නිලධාරී ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ නීතීවිරෝධී මත්පැන්වල තිබෙන්නා වූ අහිතකර ද්‍රවන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා මෙම නව මත්පැන් බෝතලය හඳුන්වා දීමට කටයුතු කරන බව ජයන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.

මෙහි පළමු අදියර ලෙස මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට අවධානය යොමුව ඇති අතර එමගින් රුපියල් බිලියන 50ත් 100ත් අතර බදු ආදායමක් ද ලබාගත හැකි බව සුරාබදු නිලධාරි ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form