තැපැල් ඡන්දය අප්‍රේල් 22,23 සහ 24 දිනවලදී…

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම 2025.04.07 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කායාලවල දී සිදු කරන බව සහ තැපැල් ඡන්ද සලකුණු කිරීම පහත පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනූව 2025.04.22 දින සිට 2025.04.24 දින දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුලු සෙසු සියලුම රාජ්‍ය ආයතනයන්හි නිල ඇදුම් කායමණ්ඩල හා එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කායමණ්ඩල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවේ.

ඉහත සඳහන් දිනවල දී තැපැල්ඡන්ද සලකුණු කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද හිමියන්ට 2025.04.28  හා 2025.04.29 තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ,දිස්ත්‍රික් මැතිවරණ කායාලවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකල හැකි බව ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form