බන්ධනාගාර ලොක්කෝ 15ක ගේ වත්කම් සොයයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙහි දී විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ අයථා වත්කම් ඔස්සේ සුපිරි නිවාස හා යාන වාහන ලබාගෙන හිටිහැටියේ ප්‍රකෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානින් සම්බන්ධව බව වාර්තා වේ.

මේ වන විටත් බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි විවිධ සංවිධාන හා පුද්ගලයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව අඳාළ විමර්ශන සිදු කරන්නේ එම පැමිණිලි අනුව බව ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය මත බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් යාන වාහන ඉඩකඩම් ඇතුළු සියලුම දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පූර්ව විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form