උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම අද සිදු වනවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම පත්වීම් ප්‍රදානය පෙරවරු 9යි 30ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 378 දෙනෙකු සඳහා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ පත්වීම් පිරිනැමීමට කටයුතු කරන බවයි සොෟඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form