රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර පසුගිය සමයේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් එලෙස සිරකරුවන් නිදහස් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා දිවයින පුරා පිහිටි බන්ධනාගාර 28 සඳහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොමුකර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් ඊට අදාළ විමර්ශන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙවන විට එම බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාද රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form