වසන්තට රත්න සහල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තර… පොලී නැති බැංකු කොහෙදැයි අසයි..

තමන් සහල් සඟවා ගෙන ඇති බවට එල්ල කරන චෝදනා අසත්‍ය බව රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි.

තමන් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා ගෙන නැති බවත් එවන් බැංකුද නැති බවත් හෙතෙම කියා සිටී.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් මිත්‍රපාල මහතා පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

“මම කියනවා වෙළඳ ඇමතිතුමාට මගේ ආයතනයට ඇවිල්ලා පරික්ෂා කරන්න. ඔබතුමාගේ නියෝජිතයෙක් එවන්න මම පටවන හාල් ගාන මම නිෂ්පාදනය කරන හාල් ගාන මගේ ළඟ තියෙන වී තොග පිළිබඳව මම ඔප්පු කරලා පෙන්නනවා. එතුමා කියලා තිබුණා මම බැංකුවෙන් සල්ලි ගන්නේ පොලී නැතුව කියලා.

අපි වී අරගන්නවා අපි බැංකුවෙන් සල්ලි අරගන්නව බැංකුවේ සල්ලි ගෙවන්න ඕන ආපහු මොකද වී ස්ටොක් එකක් තියාගෙන බැංකුවේ සල්ලි ගෙවන්න බැහැ. වී ටික අරගෙන සහල් නිෂ්පාදනය කරලා සහල් වෙළඳපලට යවලා ඒ සල්ලි ගෙනල්ලා.අපි බැංකුව නිදහස් කරන්න ඕනේ. නැත්තං සල්ලි වලට පොලිය හැදෙනවා.

මම මේ ප්‍රකාශනය කරේ පාර්ලිමේන්තුව කියන්නේ සියලු දෙනා බලන තැනක් ඉතින් ඒ නිසා ඒක නිවැරදි කරන්න තමයි මේ දේ කළේ. ඕනෑම ආයතනයක සහල් හංගල තියාගැනීමක් නැහැ හංගගෙන තියාගෙන ඉඳලා තේරුමක් නෑ.

ගොයම් කැපුනාම අපි වී ටික රැස් කරන්න ඕනෙ අවුරුද්ද පුරාම සහල් දෙන්න ඉතිං එහෙම වී තිබුණොත් තමයි සහල් දෙන්න පුළුවන්. මා ළඟත් මාස දෙකකට ඇතිවෙන්න වී තියෙනවා.දවසින් දෙකෙන් කොටන්න බෑ මොකද පෙබරවාරි වෙනකල් මම හාල් යවන්න ඕනේ. එක මාස දෙකෙන් කොටලා මම ඊගාවට මොකද කරන්නේ ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form