2026 අයවැයෙන් සෞඛ්‍ය සඳහා මුදල් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ මෙහෙමයි

2026 අයවැය අනුව එළඹෙන වසරේ සෞඛ්‍ය සඳහා රු. බිලියන 654ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාවේදී සඳහන් කළේ, නොමිලේ සේවා සපයන සෞඛ්‍ය සේවා තිබියදී කලක් පුරා ජනතාවට තම සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පෞද්ගලිකව සැලකිය යුතු වියදම් දැරීමට සිදුව තිබීම ගැටලුවක් බව ය.

රජය ඉදිරි වසර කිහිපයේදී මෙම ගැටලු සඳහා නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ඔහු එහිදී පැවසීය.

ඒ අනුව, ප්‍රාථමික සෞඛ්‍ය සහ යහපැවැත්ම ඉලක්ක කර ගත් සේවා සඳහා ජනතාවට ඇති ප්‍රවේශ වැඩි කිරීමේ අරමුණ ඇතිව පුද්ගලයින් 5,000 – 10,000 අතර ගණනක් ආවරණය වන පරිදි ‘අරෝග්‍යා’ මධ්‍යස්ථාන ඇති කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශ කිහිපයක් සඳහා නව අයවැය මගින් මුදල් වැය කිරීමට යෝජිත ආකාරය ගැන කෙරෙන විමසා බැලීමකි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශ කිහිපයක් සඳහා නව අයවැය මගින් මුදල් වැය කිරීමට යෝජිත ආකාරය.

ඉහත ආකාරයට බෙදී යන අරමුදල්වලින් ප්‍රධාන ශුභසාධන වැඩසටහන් වලට වෙන් කර ඇති මුදල් මෙසේ ය.

ශුභසාධන වැඩසටන් කිහිපයක් ද නව අයවැය මගින් යෝජිත අතර එම වැඩසටහන් සඳහා මුදල් වෙන් කෙරෙන ආකාරය මෙහි දැක්වේ.

උපුටා ගැනීම BBC sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form