ගංවතුර ඇති ප්‍රදේශවල පානීය ජලය භාවිත කිරීම පරිස්සමින්

ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙසය.

එමෙන්ම පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස ද ඔහු දැනුම් දී ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ කුඩා දරුවන්ට ද උණු කර නිවා ගත් ජලය පමණක් පානය කිරීමට ලබා දෙන ලෙසය.

පවතින ආපදා තත්ත්වය හමුවේ මදුරුවන් බෝවීමේ ස්ථාන නිවාස අවට තිබිය හැකි බැවින් නිවාස පිරිසිදු කිරීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කරන ලෙස ද ඔහු දන්වා සිටියේය.

එසේ නොමැති වුවහොත් ඩෙංගු සහ චිකන්ගුන්යා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවද චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form