දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, ගඟවට කෝරළය, උඩුදුම්බර, දොළුව, මිණිපෙ, පාතහේවාහැට, මැදදුම්බර, දෙල්තොට, අකුරණ, ගඟ ඉහළ කෝරළය, පාතදුම්බර, යටිනුවර, තුම්පනේ, උඩුනුවර, හාරිස්පත්තුව, පූජාපිටිය, පස්බාගෙ කෝරළය, පන්විල, හතරලියද්ද සහ කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, ⁠රඹුක්කන, අරණායක, බුලත්කොහුපිටිය, ගලිගමුව, යටියන්තොට සහ වරකාපොල⁠⁠ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මල්ලපිටිය සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, රත්තොට, අඹන්ගග කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල සහ ලග්ගල පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න 

බදුල්ල දිස්ත්‍රික්කය:
– බදුල්ල
– ⁠හපුතලේ
– ⁠හාලි ඇල
– ⁠කන්දකැටිය
– ⁠පස්සර
– ⁠මීගහකිවුල
– ⁠ඌව පරණගම
– ⁠වැලිමඩ
– ⁠ලුණුගල
– ⁠⁠ඇල්ල
– බණ්ඩාරවෙල
– ⁠සොරණාතොට
– ⁠හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠දෙහිඕවිට
– ⁠දැරණියගල
– ⁠රුවන්වැල්ල
– කෑගල්ල⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– ⁠පොල්ගහවෙල
– ⁠අලව්ව

නුවර එළිය දිස්ත්‍රික්කය:
– ⁠නුවරඑළිය
– ⁠අඹගමුව කෝරලේ
– ⁠තලවකැලේ
– ⁠නෝර්වුඩ්
– ⁠කොත්මලේ බටහිර
– ⁠කොත්මලේ නැගෙනහිර 
– ⁠වලපනේ
– ⁠හගුරන්කෙත
– නිල්දණ්ඩාහින්න
– ⁠මතුරට

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠කහවත්ත
– ⁠ගොඩකවෙල
– ⁠කොලොන්න

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න 

ගම්පහ දිස්ත්‍රික්කය:
– ⁠අත්තනගල්ල
– ⁠දිවුලපිටිය
– ⁠මීරිගම

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– නාරම්මල

රත්නපුර දිස්ත්‍රික්කය:
– කිරිඇල්ල
– ⁠රත්නපුර
– ⁠ඇහැළියගොඩ
– ⁠කුරුවිට
– ⁠ඇලපාත
– ⁠අයගම
– ⁠බලංගොඩ
– ⁠කලවාන
– ⁠ඉඹුල්පෙ
– ⁠නිවිතිගල
– ⁠ඕපනායක
– ⁠පැල්මඩුල්ල
– ⁠කල්තොට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form